දේශීය

පාර්ලිමේන්තු මංගල රැස්වීමට සහභාගීවීමට පිල්ලෙයාන්ට අවසර

(UTV | මඩකළපුව) –  පිල්ලෙයාන් හට ලබන 20 වැනිදා පැවැත්වෙන 9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම සඳහා සහභාගීවීමට මඩකළපුව මහාධිකරණය විසින් අවසර ලබාදී ඇත.

ඔහු විසින් ඉදිපත්කළ පෙත්සමක් අද (18) මඩකළපුව මහාධිකරණ හමුවේ විභාගයට ගැනීමෙන් අනතුරුව, විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කර තිබේ.

2005 වර්ෂයේ දී මඩකළපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වෙයි.

 

Related posts

ජනපති සහ එජාප නියෝජිතවරුන් අතර හමුවක් [PRESS RELEASE]

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කල තවත් පිරිසක් නිවෙස් බලා යයි

Mohamed Dilsad

තවත් කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment