දේශීය

විදුලිබල මණ්ඩලයෙන් ජනතාවට විශේෂ ඉල්ලීමක්

(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය විදුලි උපකරණ පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ ක්‍රියාවිරහිත කර තබන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කෙරවලපිටිය බලාගාරයේ සිදුවූ කාර්මික දෝෂය හේතුවෙන් පෙරේදා දිනයේ දිවයින පුරාම විදුලිය ඇණහිටි අතර , නොරොච්චෝලේ බලාගාරය තවදුරටත් පවතින්නේ අක්‍රිය තත්ත්වයේයි.

මේ හේතුවෙන් ඊයේ සිට දින හතරක් දිනකට පැය බැගින් දිවයින පුරා විදුලිය විසන්ධි කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය  නිවේදනය කළේය.

පවතින තත්ත්වය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

Related posts

පොලීසියේ ලොකු පුටු මාරුවක්

Editor O

අපනයන ආදායම නොසිතූ ලෙස ඉහළට

Mohamed Dilsad

හමුදාපති ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

Mohamed Dilsad

Leave a Comment