දේශීය

පාර්ලිමේන්තු මංගල සභාවේ පෙරහුරුවක් අද

(UTV |කොළඹ) – හෙට(20) පැවැත්වීමට නියමිත පළමු මංගල රැස්වීමෙහි පෙරහුරුවක් අද(19) දින පැවැත්වෙන බව නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි.

වෙනදා පැවැත්වෙන ආචාර වෙඩිමුර, හමුදා උත්තමාචාර ආදිය මෙවර නොපැවැත්වේ.

නමුත් මෙවර සංස්කෘතියට මුල්තැනක් දෙමින් නැටුම් කණ්ඩායම් සහ බෙරකරුවන්ගෙන් හැඩවන අතර පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව අසළ ජයමංගල ගාථා ගයමින් පිළිගැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

ජනාධිපතිතුමන් විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (20)දින කියවීම සිදුකරන අතර ඒ සම්බන්ධව හෙට දින විවාදයක්ද පැවැත්වෙනු ඇත. පාර්ලිමේන්තු සභාගර්භය තුළ උදය වරුවේ වම්පස විපක්ෂයද, දකුණු පස
ආණ්ඩු පක්ෂයද වශයෙන් අසුන් ගැනීමට නියමිත වන අතර සවස් භාගයේ ජ්‍යෙෂ්ඨත්වය අනූව ආසන පිළිගැන්වෙනු ඇත.

එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂය වෙනුවෙන් හිස්ව ඇති ආසන දෙක තවදුරටත් හිස්ව පවතින බවත් මේ දක්වා එම ආසන වෙනුවෙන් කිසිම තීරණයක් ගෙන නැති බවත් ඉතිරි ආසන 223ම සූදානම් බවත් නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා කියා සිටියේය.

කෝවිඩ් තත්වය නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනූව සභාගර්භය තුළ සියලුදෙනා හැසිරීම අනිවාර්ය වේ.

ඒ අනුව මුඛ ආවරණ පැළදීම, මීටරයේ දුර පවත්වා ගැනීම සිදුකළ යුතු අතර සියලුදෙනා සෞඛ්‍ය උපදේශ අනූව සෞඛ්‍යාරක්ෂිත ලෙස කටයුතු කිරීමට වගබලාගත යුතු අතර කණ්ඩායම් සාකච්ඡා කිසි ලෙසකින් හෝ නොපැවැත්විය යුතු බවද නීල් ඉද්දවෙල මහතා වැඩිදුරටත් අවදාරණය කළේය.

 

Related posts

මුදල් ඇමති – ඉන්දීය අගමැති හමුවෙයි

Mohamed Dilsad

විදේශිකයන්ට රට යළි විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද

Mohamed Dilsad

ATA පෙත්සම් විභාගය අත්හිටවෙයි

Mohamed Dilsad

Leave a Comment