දේශීය

පාර්ලිමේන්තු කතානායක ධුරය නම් කෙරේ

(UTV |කොළඹ) – පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව ස්ථාවර නියෝගවලට අනුව එහි කාර්ය ලෙස අභිනව කතානායකවරයෙකු, නියෝජ්‍ය කථානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු පත් කර ගැනීම සිදු කෙරුණි.

එහිදී අභිනව කථානායකවරයා පත් කර ගන්නා ලෙස මහලේකම් ධම්මික දසනායක මහතා දැනුම් දීමෙන් පසු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කතානායක ධුරයට මහින්දයාපා අබේවර්ධන මහතාගේ නම යෝජනා කළේය.

වෙනත් නම් ඒ සඳහා යෝජනා නොවූයෙන් ඒකමතිකව කතානායක ධුරයට මහින්දයාපා අබේවර්ධන මහතා පත්කරන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනුම් දුන්නේය.

පසුව ඔහු කථානායක අසුන වෙත කැදවාගෙන ඒම සිදුකෙරුණි.

 

Related posts

ජනකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කංචන කියයි

Mohamed Dilsad

ඉදිරි දිනවල වැස්ස වැඩිවේවි – කාලගුණයෙන් අනාවැකියක්

Editor O

ගෑස් නැව්වලට ගෙවීම් කළා – PMD

Mohamed Dilsad

Leave a Comment