දේශීයප්‍රමුඛ පුවත 3

අපරාධ මැඩලීම්වලදී සැකකරුවන් ලක්ෂයකට වැඩි පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – පසුගිය කාලය තුළ සිදුකරන ලද අපරාධ මැඩලීමේ මෙහෙයුම්වල දී සැකකරුවන් 103,651 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

ඊයේ (20) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

නීති විරෝධී ගිනි අවි ළඟ තබා ගැනීම්, මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ වැටලීම්වල දී හෙරොයින් කිළෝග්‍රෑම් 23 කට අධික ප්‍රමාණයක් ද සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

හෙට සහ 29 සුරාසල් වසන්නැයි නියෝග

Mohamed Dilsad

කොළඹ නගරාධිපති සමගි ජන බලවේගයෙන්.

Editor O

Leave a Comment