දේශීයව්‍යාපාරික

මත්තල ගුවන් තොටුපලේ භාණ්ඩ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව

(UTV| මත්තල) – මත්තල ගුවන් තොටුපලෙන් ගුවන් භාණ්ඩ මෙහෙයවීමේ කටයුතු ඉදිරියේදී දෛනිකව සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් , ඊට අදාළ කටයුතු ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් සිදුකරමින් පවතින බවත් එහි ප්‍රධාන කළමනාකරු උපුල් කලංසූරිය මහතා සඳහන් කරයි.

මත්තල ගුවන් තොටුපලින් දේශීය එළවළු සහ පළතුරු වර්ග පිටරට යැවීමේ වැඩපිළිවෙල යටතේ ප්‍රථම තොගය රැගත් ගුවන් යානය පසුගිය 16 වැනිදා ඕමානය වෙත පිටත්ව ගියේය. කිලෝ 3371 ක් පමණ එළවළු සහ පළතුරු එම තොගයට ඇතුළත්.

ඒ අනුව ඉදිරියේදීත් මත්තල ගුවන් තොටුපලින් ගුවන් භාණ්ඩ මෙහෙයවීමේ කටයුතු සිදුකරන බව එහි ප්‍රධාන කළමනාකරු උපුල් කලංසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සංචාරකයින්ට රට තුළ ගමන් තහනම්

Mohamed Dilsad

MCC ගිවිසුම ගැන ජනපතිගෙන් ඇමරිකාවට ප්‍රකාශයක්

Mohamed Dilsad

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment