දේශීය

පාසල් පැවැත්වෙන කාලය සංශෝධනය කෙරේ

(UTV | කොළඹ ) – කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ නිවාඩු ලබාදී යළිත් ආරම්භ කරන ලද රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පංති කිහිපයක් පැවැත්වෙන කාලසීමාව සංශෝධනය කර තිබේ.

ඒ අනුව 10, 11, 12, 13 ශ්‍රේණිවල පාසල් කාලය ලබන සැප්තැම්බර් මස දෙවනදා සිට උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා පැවැත්වීමටයි තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් පාලන සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් සහ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබේ.

Related posts

අධිවේගී මාර්ගවල කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ පහසුකම්

Editor O

විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව CIDයට

Mohamed Dilsad

රටේ ආර්ථික අර්බුදය ගැන සිතා තීරණයක් ගත්තා

Mohamed Dilsad

Leave a Comment