දේශීය

පාසල් කටයුතු ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් යළිත් නිවේදනයක්

(UTV | කොළඹ) – 10, 11, 12, 13 ශ්‍රේණිවල පාසල් කාලය ලබන සැප්තැම්බර් මස 02 වනදා සිට පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන්  සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් පාලන සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් සහ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බව ද එම අමාත්‍යංශය පවසයි.

ඒ අනුව පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා අගෝස්තු මාසය අවසන් වන තෙක් පමණක් පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා අධ්‍යයන කටයුතු සිදුකරනු ඇත.

Related posts

අගරදගුරු හිමිපාණන් සිදුකරන ඇතැම් ප්‍රකාශ ආගමික සංහිදියාවට හානිදායකයි – පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ

Editor O

බස්නාහිර සහ වයඹ පාසැල් වැසේ

Mohamed Dilsad

ආගමන හා විගමන පනත උල්ලංඝනය කළැයි ඩයනාට ගමගේට එරෙහිව නඩුවක්

Editor O

Leave a Comment