දේශීය

කන්ටේනරයකට යටවී කුඩා දැරියක් සහ ඇගේ පියා මරුට

(UTV | මහනුවර) –  මහනුවර කුරුණෑගල මාර්ගයේ මඩවල වංගුවේදී කන්ටේනරයක් මෝටර් රථයක ගැටී තවත් මෝටර් රථයක් මතට පෙරළීමෙන් එම මෝටර් රථයේ ගමන්කළ අවුරුදු 02 ක කුඩා දැරියක හා ඇගේ පියා වන 36 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රී 09.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර , අනතුරින් මියගිය දෙදෙනාගේ මෘත දේහ එම රෝහල්වල තැන්පත් කර ඇත.

මෙහිදී මෝටර් රථ දෙකෙහි ගමන් කළ පුද්ගලයින් 05 දෙනෙක් හා කන්ටේනර් රථයේ රියැදුරා අනතුරින් බරපතල තුවාල ලබා ඔවුන් ගලගෙදර හා පේරාදෙණිය රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ගලගෙදර පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

Related posts

“ගන්ධාර: පකිස්ථානයේ බෞද්ධ උරුමය” වාර්තා චිත්‍රපටය

Mohamed Dilsad

අදත් ගුරුවරුන් ඔන්ලයින් වර්ජනයේ

Mohamed Dilsad

තවත් ආසාදිතයින් කිහිප දෙනෙක් හදුනා ගනී

Mohamed Dilsad

Leave a Comment