දේශීයව්‍යාපාරික

කහ කුඩුවල පිළිකා කාරක ඇත්දැයි සෙවීමට පරීක්ෂණ

(UTV | කොළඹ) – අලෙවියට ඇති කහ කුඩු පරිභෝජනයට නුසුදුසු ලෙස යළි සකසා ඇති බවට අනාවරණ වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කරයි.

දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි කහ කුඩු සාම්පල ලබාගෙන පරීක්ෂාවට ලක් කිරීමට එම අධිකාරිය කටයුතුකළ අතර , ඒවායේ පරීක්ෂණ වාර්තා මේ වන විට ලැබී තිබේ.

කහකුඩුවලට හාල්පිටි, පාන් පිටි, කහ පරිප්පු සහ කඩල පරිප්පු මෙන්ම විවිධ වර්ණක යොදා ඇති බවට එමගින් අනාවරණ වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේය.

කහකුඩුවල පැහැය ලබා ගැනීමට එක් කරන වර්ණකයන් හි හෝ ඊට එක් කරන රසායනික ද්‍රව්‍යවල මිනිස් සිරුරට අහිතකර සංඝටක හෝ පිළිකා කාරක අඩංගු දැයි සොයා බැලීම සම්බන්ධයෙන් ද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අවධානය යොමුව ඇත.

 

Related posts

හදිසි ගල්අඟුරු ටෙන්ඩරයක්

Mohamed Dilsad

‘වත්මන් ආණ්ඩුව ඉවත්විය යුතුයි යන ස්ථාවරයේ දැන් 113 වෙනුවට 120ක්ම ඉන්නවා’

Mohamed Dilsad

ඉන්දියාවේ මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුල්වීම තහනම් කරයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment