දේශීය

රැකියාලාභී උපාධිධාරීන්ගේ පත්වීම් ලිපි ප්‍රදානයට දින නියම කෙරේ

(UTV | කොළඹ ) – එළඹෙන 02දා උපාධිධාරීන් පනස් දහසට පත්වීම් ලිපි ප්‍රදානය ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී සිදු කිරීමට තම අමාත්‍යාංශය සියලු විධි විධාන සළසා අවසන් බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

පසුගිය පෙබරවාරි මාසයේ මෙම වැඩසටහන සඳහා උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවූ අතර 2019 දෙසැම්බර් 31 දින වන විට උපාධිය සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන් මේ සඳහා තෝරා ගෙන ඇත.

තෝරාගත් සියලු උපාධිධාරීන්ගේ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් සකස් කර අවසන් අතර ඉතිරි දස දහසක් වන උපාධිධාරීන්ගේ අභ්‍යාසලාභී පත්වීම් ලිපිද කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසා තිබේ.

Related posts

තේ කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපිත කරනවා – සජිත් ප්‍රේමදාස බද්දේගම මහා ජන රැළියේදී කියයි.

Editor O

කෝප් සහ කෝපා සඳහා නව සභාපතිවරුන් පත් කිරීම අදයි

Mohamed Dilsad

හෙට මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිගේ පෙත්සම සලකා බැලේ

Mohamed Dilsad

Leave a Comment