දේශීය

හැඳුනුම්පත්, පාස්පෝට් සහ රියදුරු බලපත්‍ර මුද්‍රණය දෙපාර්තමේන්තුවෙන්

(UTV | කොළඹ) –  ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර ඇතුලු රජයේ ප්‍රමුඛ මුද්‍රණ කටයුතු සියල්ල රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකසන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ඒ , එම අමාත්‍යාංශයේ දී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචනය සම්බන්ධයෙන් ඊයේ (25) පැවති සාකච්ඡාවකදියි.

එහි මූලික පියවරක් ලෙස විදෙස් ගමන් බලපත්‍රය මුද්‍රණයට අවශ්‍ය පහසුකම් පළමුව ලබාදිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඉදිරියේදි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව යොදාගෙන ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර මුද්‍රණය මගින් විශාල මුදලක් ඉතිරි කරගත හැකි බව ද අමාත්‍යවරයා එම සාකච්ඡාවේදී දැනුම් දී තිබේ.

Related posts

තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙක් දිවුරුම් දෙති

Mohamed Dilsad

විශේෂඥ මතය අනූව සාමාජයේ කොවිඩ් ආසාධිතයින් 50,000 ක්

Mohamed Dilsad

ලෙබනනයට යන්න එපා. ශ්‍රී ලංකා පුරවැසියන්ට දැනුම් දීමක් – විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි

Editor O

Leave a Comment