දේශීය

නීතිපතිවරයා ඇතුළු සිව් දෙනෙකුට නොතීසි නිකුත් කරයි

(UTV | කොළඹ) –  වැඩබලන පොලිස්පතිවරයාට, නීතිපතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට සහ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය විසින් අද (27) නොතීසි නිකුත් කරනු ලැබීය.

ඒ, දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර පෙත්සම කැදවූ අවස්ථාවේදියි.

සම්පායෝ විසින් ඇප මත මුදා හරින ලෙසට කළ ඉල්ලීම මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු විසින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කරනු ලැබීය. 


Related posts

හිඟයකින් තොරව ඉන්ධන සැපයීමට විධිමත් වැඩපිලිවෙලක්

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයන් 1,405ක් සුවය ලබයි

Mohamed Dilsad

ළඟදීම විපක්ෂයේ නව පෙරමුණක්

Mohamed Dilsad

Leave a Comment