විදෙස්

බෙලරූස් ජනරජයට රුසියානු හමුදා යැවීමට සූදානමක්

(UTV | රුසියාව) – බෙලරූස් ජනරජයේ ජනාධිපති ඇලෙක්සෙන්ඩර් ලුකචෙන්කෝ ට සහය වීම සඳහා හමුදා යැවීමට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කරයි.

මැතිවරණ ප්‍රතිඵල මුල් කරගෙන මේ වන විට පැනනැගී ඇති විරෝධතාවලට සාමකාමී විසඳුමක් ලැබෙනු ඇතැයිද ඔහු අපේක්ෂා පළ කර තිබේ.

පසුගිය අගෝස්තු 9 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා හට 80 % ක ජනප්‍රසාදයක් හිමිවූ අතර , මැතිවරණ ප්‍රතිඵල දූෂිත බවට විපක්ෂය චෝදනා කරයි.

ජනපති පුටින් ඊයේ ප්‍රකාශ කළේ බෙලරුස් රාජ්‍යය තුළ දැන් මතුවී ඇති තත්වය පාලනය කිරීම සඳහා දෙරට එක්ව ආරක්ෂක සංචිතයක් ඇති කළ යුතු බවයි.

අන්තවාදී කොටස් සීමාව ඉක්මවා ගියහොත් එය භාවිත කළ හැකි බව ද ඔහු අවධාරණය කළේය.

Related posts

මලයාසියාවට භූ කම්පනයකින් බලපෑම්

Mohamed Dilsad

ඉන්දියාවේ ළමා රෝහලක ගින්නකින් අලුත උපන් බිළිඳුන් 04 ක් මරුට

Mohamed Dilsad

බංග්ලාදේශයටත් IMF සහාය

Mohamed Dilsad

Leave a Comment