දේශීය

කෝට්ටේ වාර්ෂික ශ්‍රී දළදා මහ පෙරහැර මංගල්‍යය අවසන්

(UTV | කොළඹ) – කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා මහ පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර ඊයේ (29) රාත්‍රියේ වීථි සංචාරය කළේය.

අවසන් පෙරහැරේ මංගල හස්තියා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදුකෙරුණි.

විහාර මන්දිරය වෙත සධාතුක කරඬුව වැඩමවීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදුකෙරුණි.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියන් අනුශාසනාව සහ විහාරාධිපති පූජ්‍ය අළුත්නුවර අනුරුද්ධ හිමියන් විසින් එහිදී ආගමික වතාවත් සිදුකළහ.

Related posts

මෙවර අය-වැය, පොඩි එකාගේ ලියුම වගේ – උදය ගම්මන්පිළ

Editor O

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන්, පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දියක්

Editor O

සරසවි සේවකයනුත් අඛන්ඩ වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment