දේශීයප්‍රමුඛ පුවත 1

කෝප් කමිටුවේ විපක්ෂ නියෝජනය වැඩි කරන්නැයි ඉල්ලීමක්

(UTV |කොළඹ) – කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට විපක්ෂයෙන් පත් කෙරෙන නියෝජිත සංඛ්‍යාව ඉහළ නංවන ලෙස ඉල්ලීමක් කෙරේ.

මෙමෙ ඉල්ලීම කර ඇත්තේ සමගි ජන බලවේගය විසිනි.

මෙවර කෝප් කමිටුවට පත් කෙරෙන සමස්ත සාමාජික සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ නංවා ඇති අතර ඉන් සාමාජිකයන් 14 දෙනෙකු පත් කරනු ලබන්නේ ආණ්ඩු පක්ෂයෙනි.

සෙසු සාමාජිකයින් 8 දෙනා සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂ කණ්ඩායම්වලින් පත් කරනු ලබයි.

ඒ අනුව කෝප් කමිටුවට සමගි ජන බලවේගයෙන් සාමාජිකයන් 4 දෙනෙකු මේ වන විටත් නම් කර ඇත.

එය ඉදිරියේදී පාර්ලිමේන්තුව වෙත නිළ වශයෙන් දැනුම් දීමට නියමිතය.

Related posts

කොරෝනා නිසා ලංගමට රුපියල් මිලියන 2128 ක පාඩුවක්

Mohamed Dilsad

ඉදිරියට ඉන්ධන හිඟයක්

Mohamed Dilsad

පූජිත් සහ හේමසිරි ඇප අයදුම්පත් යළි කැඳවීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment