දේශීය

නයිජීරියානු ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි නයිජීරියානු ජාතිකයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ඔවුන් ගල්කිස්ස ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටීමට ඔවුන්ට ආධාර අනුබල ලබාදුන් තවත් පුද්ගලයින් දෙදෙනෙකුද එහිදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

පුල්මුඩේ මාරක ගැටුමක් – 2ක් මරුට

Mohamed Dilsad

පාසල් යන සිසුන් වෙනුවෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

ලංකාවට මත්ද්‍රව්‍ය එවන අලුත්ම ක්‍රමය මෙන්න [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment