ගොසිප්

ගලෙන්බිඳුණුවැව වගාළිඳක කිඹුලන් දොළහක්

(UTV |අනුරාධපුරය) – ගලෙන්බිඳුණුවැව, වන්නම්කුලම ගම්මානයේ අනවසර වගා ළිඳකට කොටුව සිටි කිඹුලන් දෙළොස් දෙනෙකු එම ළිඳ තුළම සංරක්‍ෂණය කිරීමට තීරණය කරයි.

පසුගියදා ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරක් මත මෙම වගා ළිඳේ කිඹුලන් ඇති බව රිටිගල අඩවි වනජීවී කාර්යාල නිලධාරීන් සොයා බලා තිබේ.

පසුව එම වගා ළිඳෙන් ගොඩගෙන කිඹුලන් රක්ෂිත වැවකට මුදාහැරීම සඳහා රිටිගල අඩවි වනජීවී කාර්යාලය විසින් මෙහෙයුමක් සිදු කළත් එය අසාර්ථක විය.

වර්ෂා කාලයේ දී පිටාර ගලන මෙම වගා ළිඳට එම කාලයේදී මෙම කිඹුලන් පැමිණ ඇති බවත් මේ වන විට ජල මට්ටම අඩු වීම නිසා කිඹුලන් වගා ළිඳේ කොටුව සිටින බවත් වන ජීවී නිලධාරීන් පවසයි.

ජනතාවගේ ආරක්‍ෂාව උදෙසා මෙම කිඹුලන් දොළොස් දෙනා තවදුරටත් මෙම වගා ළිඳේම තැබීමට තීරණය කර ඇත.

මෙහි සිටින ලොකු කිඹුලා අඩි එකොළහක් පමණ දිග වන අතර කිඹුල් පැටවුන් එකොළහක් සිටි. මේ සත්තුන්ට මෙහි ආරක්ෂාව පවතින බවත් වනජීවී නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එම ළිඳේම එම සත්තු සංරක්ෂණය කරන බවත් වන ජීවී නිලධාරීහු පවසති.

Related posts

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්යය මණ්ඩලයේ 16 දෙනෙකුට කොවිඩ්

Mohamed Dilsad

පුෂ්පිකාව මෙහෙයවන්නේ අනියම් සම්බන්ධයක් තියෙන දේශපාලඥයෙක් ද?

Mohamed Dilsad

බූස්ස රඳවා සිටින දරුණු ගණයේ අපරාධකරුවන්ගේ අලුත්ම මෙහෙයුම

Mohamed Dilsad

Leave a Comment