දේශීය

ලෙබනනයේ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයින් 22කුට තුවාල

(UTV |කොළඹ) – ලෙබනනයේ බේරූට් නුවර සිදුවු පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 22 දක්වා ඉහළ යයි.

එරට ශ්‍රී ලංකා තානාපතිනි ශානි කරුණාරත්න සඳහන් කළේ ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවයි.

පසුගියදා ඇමෝනියම් නයිට්‍රේට් සහිත ගබඩාවක් පුපුරා යාමෙන් පුද්ගලයන් 190 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

එහිදී තුවාල ලැබූ සංඛ්‍යාව 6,000 ඉක්මවා විය.

පිපිරීමෙන් පුද්ගලයන් ලක්ෂ 3ක පමණ පිරිසකට නිවාස අහිමිව තිබේ.

Related posts

සිනමා නළු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු දැයෙන් සමුගනී

Mohamed Dilsad

අලුත උපන් දරුවන් රැකබලාගැනීමට විශේෂ මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

පළාත් පාලන නාම යෝජනාවලට වෙන්න යන දේ

Editor O

Leave a Comment