ව්‍යාපාරික

සාධාරණ මිලකට එන ජල පෙරනය

(UTV |කොළඹ) – දංකොටුවේ ලෙස්ලි සේනානායක මහතා විසින් නිෂ්පාදනය කරනු ලබන ටෙරාකොටා ජල පෙරහනය පිළිබද කරුණු විමසීමක් ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර විසින් සිදු කළේ ය.

අමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව පසුගියදා ලෙස්ලි සේනානායක මහතා අමාත්‍යාංශයට පැමිණියේය.

මෙම වතුර ෆිල්ටරය මගින් නීරෝගී සෞඛ්‍ය සම්පන්න දිවියකට අත්‍යවශ්‍ය පිරිසිදු නැවුම් ස්වභාවික සිසිල් ජලය ලබා ගත හැකි බව ලෙස්ලි සේනානායක මහතා පවසයි. වයඹ විශ්ව විද්‍යාලයේ නැනෝ
තාක්ෂණ පීඨාධිපති ජේෂ්ඨ මහාචාර්ය  C A N ප්‍රනාන්දු මහතා මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණයක් සිදුකරනු ලබයි.

මේ කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ අමාත්‍යවරයා ඉදිරියේ දී මෙම ජල පෙරහනය එහි ධාරිතාවය වැඩිකොට මහජනතාවට දැරිය හැකි මුදලට දේශීය වෙළඳපොලට මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොලට නිකුත් කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම තම අමාත්‍යාංශය හරහා ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේ ය.

Related posts

A24 ප්‍රවෘත්ති ඒජන්සියේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාව දක්වා පුළුල් කරයි

Mohamed Dilsad

තිරිඟු පිටි රුපියල් දහයකින් ඉහළට

Mohamed Dilsad

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment