දේශීයප්‍රමුඛ පුවත 1

ජනපති සමාවෙන් සිරකරුවන් රැසකට නිදහස

(UTV |කොළඹ) – සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් පිරිසකට ජනපති පොදු සමාව ලබා දීමට තීරණය කරයි.

බන්ධනාගාර තුළ මේ වන විට පවතින අධික තදබදය පාලනය කිරීම සඳහා මෙම රැඳවියන් ජනපති පොදුසමාව යටතේ නිදහස් කෙරෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

මෙහිදි දඩ මුදල් ගෙවා ගත නොහැකිව සුළු වැරදි යටතේ සිරදඬුවම් විදින රැඳවියන්, වයස අවුරුදු 65ට වැඩි සුළු වැරදි යටතේ සිරදඬුවම් විදින දඬුවම් කාලයෙන් අඩක් ගෙවා ඇති රැඳවියන්ට නිදහස හිමිව තිබේ.

මීනි මැරුම්, මංකොල්ල කෑම්, ස්ත්‍රි දුෂණ, ළමා අපචාර ඇතුළු බරපතළ ගණයේ වැරදි සම්බන්ධ කිසිදු රැඳවියෙකුට මෙම ජනපති පොදුසමාව හිමි නොවන අතර රැඳවියන් 444දෙනෙකුට නිදහස ලබා දෙයි.

මේ අනුව වැලිකඩ බන්ධනාගාරයෙන් වැඩිම රැඳවියන් පිරිසක් නිදහස් වන අතර එම සංඛ්‍යාව 83කි.

ඊට අමතරව පල්ලේකැලේ බන්ධනාගාරයෙන් රැඳවියන් 54 දෙනෙකුද, කුරුවිට බන්ධනාගාරයෙන් රැඳවියන් 35 දෙනෙකු ද, මහර බන්ධනාගාරයෙන් රැඳවියන් 30 දෙනෙකු ද, අනුරාධපුර බන්ධනාගාරයෙන් රැඳවියන් 28 දෙනෙකු ද වශයෙන් දිවයින පුරා පිහිටි බන්ධනාගාර 29ක රැඳවියන්ට මෙලෙස නිදහස හිමි වේ.

 

Related posts

වැඩි මිලට පොල් අලෙවි කළ තවත් වෙළඳුන් පිරිසකට නඩු

Mohamed Dilsad

ජනපති සිය මාස 3 ක වැටුප කොවිඩ් -19 අරමුදලට පරිත්‍යාග කරයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කරන්නන් සොයා විශේෂ වැටලීම්

Mohamed Dilsad

Leave a Comment