විදෙස්

හිටපු ඉන්දීය ජනපතිගේ වියෝව වෙනුවෙන් ශෝක කාලයක්

ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතාගේ අභාවය වෙනුවෙන් දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (31) ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මියගියේය.

මියයන විට ඔහු 84 වන වියෙහි පසු වු අතර ඔහුට කොවිඩ්-19 රෝගයද වැළදී තිබු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතාට ගෞරවය දැක්වීමක් වශයෙන් ඉන්දියානු රජය විසින් මෙම ශෝක කාලය ප්‍රකාශයට පත් කර ඇත.

මෙම කාලය තුළ සියලු විනොද්ස්වාද ක්‍රියාකරකම් තාවකාලික අත්හිටුවා ප්‍රාන්ත ධජ අඩකුඹු කර තබන ලෙස එරට රජය විසින් සියලු ප්‍රාන්ත වෙත දැනුම් දි තිබේ.

 

Related posts

සජීවී වැඩසටහනකදී පාකිස්තාන නිවේදිකාවක් මරණයට පත් වෙයි(වීඩියෝ)

Mohamed Dilsad

ස්විට්සර්ලන්තයේ වෙඩිතැබීමක්

Mohamed Dilsad

පාකිස්ථානයෙන් ඉන්දීය දේශ සීමාවට මෝටාර් ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment