දේශීයප්‍රමුඛ පුවත 3

අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා දීම ඇරඹේ

(UTV |කොළඹ) – අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීම අදින්(02) ආරම්භ කෙරේ.

අඩු ආදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපනික මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයන් වීම, අයදුම්පත් කැදවනු ලබන අවසන් දිනට අවුරුදු 18ත් 45ත් අතර වයසේ පසුවීම සහ සමෘද්ධි සහනාධාරය ලැබීමට සුදුසු එහෙත් නොලබන පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම යන සුදුසුකම් වලට අනුව මෙම රැකියාලාභීන් තෝරාගෙන තිබේ.

එම සුදුසුකම් සපුරා ඇති එක් පවුලකින් එක් ඉල්ලුම්කරුවෙකු පමණක් තෝරා ගනු ලබන අතර ඔවුන්ට සාර්ථක පුහුණුවකින් පසු පදිංචි ප්‍රදේශයේම හෝ ආසන්න ප්‍රදේශයේ රැකියා සඳහා නියුක්ත කිරීමට නියමිතය.

මාස 06ක අඛණ්ඩ පුහුණු කාලසීමාව තුළ මසකට රුපියල් 22,500ක දිමනාවක් ලබා දෙනු ලබන අතර පසුව රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන වැටුප් හා දිමනා හිමි වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම අඛණ්ඩ වසර 10ක සේවා කාලයකින් පසු ඔවුන් සදහා රජයේ විශ්‍රාම වැටුප් ද හිමිවනු ඇත.

 

Related posts

ලොකු ලූණු තවත් ගණන් යයි

Mohamed Dilsad

උපාධිධාරීන්ට අදාළ පුහුණුව මැයි පළමු සතියේදී

Mohamed Dilsad

පිටකොටුව මැනිං වෙළඳපොළත්මනින් තාවකාලිකව වසයි

Mohamed Dilsad

Leave a Comment