දේශීය

20 වන ව්‍යවස්ථා සංශෝධනය අද කැබිනට් මණ්ඩලයට

(UTV | කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 ක් ලෙස පැවතීම , ධුරය දැරිය හැකි වාර ගණන 02 කට සීමා කිරීම හා තොරතුරු පණත අඛණ්ඩව පවත්වාගෙන යාම 20 වන ව්‍යවස්ථා සංශෝධනයටද ඇතුළත් වනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා සඳහන් කළේය.

එමෙන්ම ඇතැම් කොමිෂන් සභා සම්බන්ධයෙන් දැනට පවතින ප්‍රතිපාදන එලෙසින්ම ක්‍රියාත්මක වනු ඇති බවද සඳහන්.

එහි කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහාද යොමුකර ඇති බව වාර්තා විය.

මේ අතර අමාත්‍ය විමල් වීරවංශ කොළඹ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ නව ව්‍යවස්ථා සංශෝධනය අමාත්‍යවරුන්ට මේ වනවිට ලැබී ඇති බවයි.

Related posts

පාසලේ සිසුන් ගණන මත කොරෝනා මැඩලීමට මුදල්

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් 20-20 ක්‍රිකට් තරඟය අද (13) රෑ 07ට ඇරඹේ

Editor O

Leave a Comment