දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය අදයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය අදයි.

1951 වසරේ සැප්තැම්බර් 02 වනදා කොළඹ නගර ශාලාවේදීයි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් නිදහස් පක්ෂය පිහිටුවනු ලැබුවේ.

සඟ – වෙද – ගුරු – ගොවි – කම්කරු පංචමහා බලවේගය පෙරටු කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලින්ම මැතිවරණයකට ඉදිරිපත් වන්නේ 1952 වසරේදියි.

කෙසේවෙතත් රට තුළ දැනට පවතින සෞඛ්‍ය වාතාවරණය හමුවේ අද දිනයේදී චාම් සංවත්සර උළෙලක් පමණක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේය.

එහිදි පක්ෂයේ ඇතැම් තනතුරුවල සංශෝධනයක් විය හැකි බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

 

Related posts

තවත් ගම් දෙකක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක්

Editor O

එක්ස්ප්‍රස් පර්ල් හිමිකරුවන්ගෙන් ධීවර ප්‍රජාවට රුපියල් මිලියන 720 ක අතුරු වන්දියක්

Mohamed Dilsad

Leave a Comment