දේශීය

මට්ටක්කුලියේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට [PHOTOS]

(UTV | කොළඹ) – මට්ටක්කුලිය මැද පාර ප්‍රදේශයේ දී  ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රීරෝද රථ දෙකක් කඩා වැදීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම අනතුරින් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථ රියදුරෙක් සහ එහි ගමන් ගත් කාන්තාවක්ය.

තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බව ද පොලිසිය පවසයි.

Related posts

පිළිකා රෝගීන්ගේ ගිණුම්වලිනුත් සල්ලි හොරකම් කරලා

Mohamed Dilsad

මනූෂගෙන් දෝස්මුරයක්

Mohamed Dilsad

ග්ලයිෆොසේට් ගැසට්ටුව නිසා පළිබොධනාශක රෙජිස්ටාර්ට තනතුර අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment