දේශීයප්‍රමුඛ පුවත 2

154 වන පොලිස් දිනය අදයි

(UTV| කොළඹ) – 154 වන පොලිස් දිනය අද (03) සමරනු ලබයි.

1865 අංක 16 දරන පොලිස් ආඥා පනතේ විධිවිධාන අනුව 1866 අද වැනි දිනෙක ව්‍යවස්ථාපිතව සහ සංවිධානාත්මකව මෙරට පොලිස් සේවයේ ආරම්භය සිදුවුණා.

ජෝර්ජ් විලියම් රොබින්සන් කැම්බල් මෙරට ප්‍රථම පොලිස්පතිවරයායි.

ප්‍රථම ශ්‍රී ලාංකේය පොලිස්පතිවරයා ලෙස සටහන් වන්නේ 1947 ජනවාරි 06 වැනිදා පොලිස්පති ධුරයට පත් ශ්‍රීමත් රිචඞ් අළුවිහාරේයි.

ධම්මො භවේ රක්ඛති ධම්මචාරී යන බුදු වදන ශ්‍රී ලංකා පොලිසියේ ආදර්ශ පාඨයයි.

මේ අතර, අදට යෙදී ඇති පොලිස් දිනය නිමිත්තෙන් කෝට්ටේ රජමහා විහාරයේදී සහ කොළඹ – හුණුපිටිය ශ්‍රී ගංඟාරාම විහාරයේදි විශේෂ ආගමික වැඩසටහන් සංවිධාන කර ඇත.

Related posts

කොරෝනා අරමුදලට අමාත්‍ය මණ්ඩල මසක වැටුප පිරිනැමීමට එකඟත්වය

Mohamed Dilsad

කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග

Mohamed Dilsad

නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කෙරෙයි

Mohamed Dilsad

Leave a Comment