දේශීය

පාසැල් පෙළ පොත් කට්ටල තොගයක් සොයා ගනී

(UTV |රත්නපුරය) – රජය විසින් පාසල් දරුවන් සඳහා නොමිලේ බෙදා දෙන පෙළ පොත් කට්ටල තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබේ.

ඒ කහවත්ත නගරයේ ඇති පැරණි පොත් සහ පුවත්පත් මිලදී ගැනීම් සහ විකිණීම් සිදු කරන ස්ථානයකදීය.

මෙහිදී පෙළපොත් කට්ටල 1075ක් සොයාගෙන ඇති අතර  දෙමළ පාසල්වල හයේ සිට 11 වන ශ්‍රේණි දක්වා 2020 පාසල් වාරය සඳහා ලබා දීමට මෙම පෙළපොත් මුද්‍රණය කර ඇත්තේ 2019 වසරේ බව හෙලිව ඇත.

අදාළ අලෙවිසැලේ හිමිකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ සඳහා කහවත්ත පොලිස් ස්ථානය වෙත බාර දී තිබේ.

Related posts

ඉලංගයි තමිල් අරසු පක්ෂය, ඉන්දීය අගමැති හමුවීමේ අප්කේෂාවෙන්…?

Editor O

ක්‍රිකට් ආදායමෙන් සියයට 20ක් අමාත්‍යංශය ඉල්ලයි?

Mohamed Dilsad

දුම්රිය ප්‍රවේශ පත්‍රය ලෙස වර්ණ 5 කින් යුත් ටෝකන්

Mohamed Dilsad

Leave a Comment