දේශීය

2020 සඳහා විද්‍යා පීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරීමේ ගැසට් නිවේදනය අද

(UTV | කොළඹ) –  2018 උසස් පෙළ ප්‍රතිඵල මත 2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (04) ගැසට් පත්‍රයේ පළ කෙරෙනනු ඇත.    

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk  වෙත පිවිස  ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පමණක් අයදුම් කළ යුතුයි.

අයදුම්පත් යොමු කළ හැකි අවසන් දිනය ලබන 25 වනදායි.

දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන පාඨමාලා 50 ක් සඳහා මෙවර සිසුන් 4253 ක් බඳවා ගැනීමට නියමිතව ඇත.

Related posts

අගමැතිනිය, අගරදගුරු මැල්කම් කාදිනල් හිමි හමුවෙයි.

Editor O

කොරෝනා පාලනය කළ රටවල් අතරින් ලංකාව දෙවැනි ස්ථානයට

Mohamed Dilsad

‘රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරීම සිහිනයක් පමණයි’

Mohamed Dilsad

Leave a Comment