දේශීය

හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තවන් දෙදෙනෙකු අත්අඩංගුවේ

(UTV |කොළඹ) – හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පානදුර, නිව්ඩාව ප්‍රදේශයේදීය.

පානදුර පොලීසිය සිදුකළ වැටලීමකදී එම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 4 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 15 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය භාරයට ගැනුණි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එකම පවුලේ සොහොයුරියන්ය.

ඔවුන් අවුරුදු 40, 55 යන වයසේ පසුවේ.

ඔවුන් ළඟ තිබී ජංගම දුරකථන 4 ක් සහ මුදල් තැන්පත් කරන ලද බව කියන බැංකු පොතක්ද පොලිසිය භාරයට ගෙන ඇත.

Related posts

අද හඳුනාගත් ආසාදිතයන් අතර පිලියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙක්

Mohamed Dilsad

සෞඛ්‍ය වෘත්තීයවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

Editor O

සෞඛ්‍ය වැඩ වර්ජන තාවකාලිකව නවතී

Mohamed Dilsad

Leave a Comment