දේශීය

බොරතෙල් නෞකාවෙන් තෙල් කාන්දුවීමට කිසිඳු ඉඩක් නෑ- නාවික හමුදාව

(UTV | අම්පාර) –  සංගමන් කන්ද ආශ්‍රිත මුහුදේ නාවික සැතපුම් 22 ක දුරින් මේ වන විට ගිනිගනිමින් තිබෙන බොරතෙල් නෞකාවෙන් බොරතෙල් කාන්දුවීමට කිසිඳු ඉඩක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිඳු සැකයක් ඇති කරගත යුතු නොමැති බවත් නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් (මෙහෙයුම්) රියර් අද්මිරාල් වයි. එන් ජයරත්න මහතා ප්‍රකාශ කරයි.

පැනමා ධජය රැගත් තෙල් නෞකාවක් සංගමන් කන්ද ආශ්‍රිත මුහුදේදී අනතුරට භාජනය වීම සහ මේ වන විට එය ගිනි ගනිමින් පැවතීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (04) පැවති මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිළි කරමින් ඔහු මේ බව පැවසීය.

මෙම නෞකාව කිලෝමීටර් 03 කට වඩා ගැඹුරු මුහුදේ පවතින බවත්,එය පාවී ගොස් යට කොටස ගැටීමට හැකියාවක් නොමැති බැවින් ගැටීමෙන් සිදුවන අනතුරක් සිදුවීමේ හැකියාවක් නොමැති බවත්, රියර් අද්මිරාල්වරයා පැවසීය.

එමෙන්ම මෙම ප්‍රදේශයේ සිට ගොඩබිමට නාවික සැතපුම් 22කට වඩා ප්‍රමාණයක් තිබෙන බවත්,ප්‍රදේශයේ පවතින දියවැල් නිසා වෙරළ ආසන්නව වෙරළට සමාන්තරව දකුණට ගමන් කිරීමේ ප්‍රවණතාවයක් පවතින බවත්, එම නිසා මෙරට මුහුදු තීරයට ඒමේ හැකියාව අඩු බවත්, රියර් අද්මිරාල් ජයරත්න වැඩිදුරටත් පැවසීය.

මෙම නෞකා බඳෙහි එක් තැනක පිපිරීමක් ඇත්තේද යන්නත් එයින් නෞකාව විනාශ වී බොර තෙල් කාන්දු වීමේ හැකියාවක් ඇත්ත යන්නත් මාධ්‍යවේදීයකු විමසූ විට ඔහු පැවසුවේ බඳෙහි යම් ඇඹරීමක් ඇති බව සත්‍ය වන නමුත් එමගින් නෞකාව පිපිරීමට හෝ කෑලිවලට කැඩීමට ඉඩක් නොමැති බවත්, ඉරි තැලීමක් හෝ පිපිරීමක් නොව ඇත්තේ අධික උෂ්ණත්වය නිසා වන බඳෙහි ඇඹරීමක් පමණක් වන බවත්ය.

මෙම නෞකාවෙහි මුහුද මතුපිට සිට මීටර් විස්සක් ( අඩි 60) යටට ගිලී පවතින බවත් ඒ හරහා නෞකාවට ආරක්ෂාවක් මෙන්ම පිපිරීමකට ඇති හැකියාව අවම කරන බවත් රියර් අද්මිරාල් වයි. එන් තිලකරත්න පවසයි.

මෙම නෞකාවේ ගින්න මුලින්ම ඇතිවූයේ එන්ජින් කාමරයේ පවත් ඉන් අනතුරුව එය නෞකාවෙහි පරිපාලන ප්‍රදේශ දක්වා පැතිරී ගොස් ඇති බවත්, මෙම කොටස සහ නෞකාවේ ඉදිරියේ රැගෙන යන බොරතෙල් අතර විශාල වෙනසක් තිබෙන බවත්, මෙම බොරතෙල් රැගෙන යන කොටස ඉතාම සුරක්ෂිත බවත්, ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම නෞකාව බොරතෙල් ප්‍රවාහනය සඳහා ජපාන සහතිකය ලබා ඇති බවත්, සුරක්ෂිතව බොරතෙල් ප්‍රවාහනය සඳහා කොටස් ද්විතවයකින් යුක්ත බවත්, එම කොටස් දෙක අතරතුර වතුර පුරවා ඇති බවත්, ඒ අනුව බොරතෙල්වලට මෙම ගින්නෙන් කිසිඳු හානියක් නොමැති බවත්, එම නිසා බොරතෙල් විනාශ වීම හෝ කාන්දුවීම මගින් ඇතිවිය හැකි හානි සිදුවීමේ අවස්ථාව ඉතා අවම බවත්, ජනරාල් රියර් අද්මිරාල් වයි එන් ජයරත්න මහතා පැවසීය.

Related posts

සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

Mohamed Dilsad

එක්ස්ප්‍රස් පර්ල් හිමිකරුවන්ගෙන් ධීවර ප්‍රජාවට රුපියල් මිලියන 720 ක අතුරු වන්දියක්

Mohamed Dilsad

පාලමක් කඩාවැටී පුත්තලම – අනුරාධපුර ධාවනයට බාධා

Mohamed Dilsad

Leave a Comment