දේශීය

ප්‍රදේශ කීපයකට තද වැසි සහ සුළං

(UTV | කොළඹ) –  දිවයි‍න පුරා, විශේෂයෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ සහ වයඹ පළාතේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (05) සවස් කාල‍යේ දී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වන අතර ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 50ට වැඩි තරමක් තද වැසි ද ඇති විය හැකියි.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති  වේ.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට අකුණු හා තාවකාලික තද සුළං ඇති විය හැකි බවද  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

පද්මිණී රණවක CCD හමුවට

Mohamed Dilsad

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (19) රාත්‍රී

Editor O

බෝරා සමුළුව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

Editor O

Leave a Comment