දේශීය

අශෝභන ලෙස හැසිරී අත්අඩංගුවට පත් සිසුන් මුදා හරී

(UTV |අනුරාධපුරය) – අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී පොලිස් භාරයට ගත් සිසු සිසුවියන් 100 දෙනා තරයේ අවවාද කොට මුදා හැර තිබේ.

ඔවුන්ගේ දෙමව්පියන්ද කැඳවා ඔවුන් ඉදිරියේ මෙලෙස අවවාධ කර ඇත.

මෙම සියලු දෙනා අද උදෑසන උපකාරක පන්තිවලට යන බව පවසා නිවෙස්වලින් පැමිණ තිබුණි.

පොලිස් භාරයට ගත් මෙම සිසු සිසුවියන් අනුරාධපුර නගරයේ වැව් බැම්ම, නව බස් නැවතුම්පොළ සහ දුම්රිය මාර්ගය අසළ රැදී සිටියදී පොලිස් භාරයට ගෙන ඇත .

මෙහි සිටි ඇතැම් සිසුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් බවට ද අනාවරණ වී තිබේ.

Related posts

සරසවි සිසුන් 14කගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

විදුලි බිල වැඩි නොකිරීමට මහජන උපයෝගිතා කොමිෂම ගත් තීරණය, විපක්ෂ නායකගේ ඇගයීමට

Editor O

ඉන්ධන සංචිත අවසන්වීම නිසා තවත් බලාගාරයක් නවතියි

Mohamed Dilsad

Leave a Comment