ගොසිප්

උපාධිය අතැතිව 7 වසරක් රෝද පුටුවේ සිටි මධූගේ සිහිනය සැබෑවක් වෙයි

(UTV | ගාල්ල) – උපාධිධාරීන් 60,000 කට පත්වීම් ලබාදීමේ වැඩසටහන යටතේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 237 දෙනෙකුට පත්වීම් ප්‍රධානය පසුගියදා සිදුකරනු ලැබීය. 

ඒ , ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

මෙම උපාධිධාරීන් අතර ආබාධිත තත්ත්වයේ පසුවන ඇල්පිටිය නාගහතැන්න ප්‍රදේශයේ පදිංචි ට්‍රිශීලා මධූ ගුණවර්ධන මෙනෙවියද ඇතුළත් විය.

1998 වසරේදී ඇය 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී වැලඳුණු උණ රෝගයකින් පසුව දෙපා අප්‍රාණික වී මෙම අවසනාවන්ත තත්ත්වය උදාවිය.

කෙසේවෙතත් එයින් නොසැලුණු ට්‍රිශීලා හොඳින් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ ද ඉහළින් සමත් වී 2007 වසරේදී රුහුණු විශ්ව විද්‍යාලයට ඇතුළත් වී 2013 වසරේදී කලා උපාධිය ලබා ගැනීමට සමත් වූවාය.

Related posts

මාලිංග ඉදිරියේදී අලුත් මුහුණුවරකින් ක්‍රිකට් ක්‍රීඩාවට [VIDEO]

Mohamed Dilsad

මැතිවරණයට දිනයක් ගැසට් කිරීමට සුදානම්

Mohamed Dilsad

නත්තලට බීලා බීලා, මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්ය

Mohamed Dilsad

Leave a Comment