දේශීය

පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව වැඩි කිරීමේ සූදානමක්

(UTV | ගම්පහ) –  පෙර පාසල් ගුරුවරුන්ට ලබාදෙන දීමනාව වැඩි කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙන අතර , ඒ සදහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පෙර පාසල් සදහා දරුවන්ගේ උෂ්ණත්වය මැනීමේ උපකරණ ලබා දීමේ උත්සවයට ඊයේ (06) එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සිය පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස මෙම උපකරණ ලබා දී තිබුණේ ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමකට අනුවය.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

”පළමුවරට තමයි පෙරපාසල් විෂය පැවරෙන වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් මේ රටේ නිර්මාණය කරලා තියෙන්නේ. පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථානය හෝ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලෙස හැදින්වෙන ක්ෂේත්‍ර යේ මේ රටේ අනාගතය අතිශයින් වැදගත්. ඒ නිසයි වත්මන් ආණ්ඩුව මෙවර පෙරපාසල් අධ්‍යාපනය නංවාලීම ගැන විශේෂ අවධානයක් යොමු කර තිබෙන්නේ.

සෑම ග්‍රාමසේවා වසමකම නියමිත ප්‍රමිතියෙන් යුතු එක් පෙරපාසලක්, දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට රජය සිය පූර්ණ දායකත්වය ලබා දීමට අපේක්ෂා කරනවා. එය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට නගන සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් කරුණක්. ඒ වගේම පෙර පාසල් ගුරුවරුන්ට මනෝ විද්‍යාත්මක දැනුම සහිත විධිමත් හා අනිවාර්ය ගුරු පුහුණුවක් රජය මගින් ලබාදීමටත් අපි අපේක්ෂා කරනවා. පුහුණුවෙන් පසු සියලු පෙරපාසල් ගුරුවරුන්ට ස්ථාවර වැටුප් ක්‍රමයක් පිහිටුවීම තමයි සෞභාග්‍ය යේ දැක්ම යටතේ අපේ අරමුණ. ඒ වෙනුවෙන් අපි ඉදිරියේ දී කටයුතු කරනවා.

කොවිඩ් වසංගතය නිසා මේ රටේ සාමාන්‍ය ජන ජීවිතය බිද වැටුණා. නමුත් අපි දැන් එය යථාතත්ත්වයට පත් කරන්න සියලු පියවර අරන් තියෙනවා. අපේ අපේක්ෂාව තමයි ඉදිරි වසරක කාලය තුළ කොවිඩ් නිසා මේ රටට අහිමි වු සියල්ල නැවත යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නවා. ඒ සදහායි අපි මේ කටයුතු කරමින් ඉන්නේ.”

 

Related posts

සරත් වීරසේකරට කැබිනට් අමාත්‍යධූරයක්

Mohamed Dilsad

වෙඩි තැබීමකින් එස්. එෆ් ලොක්කා ජීවිතක්ෂයට

Mohamed Dilsad

වරාය නගරය කොමිෂන් සභා පනතට කතානායකවරයා අත්සන් තබයි

Mohamed Dilsad

Leave a Comment