දේශීය

බැංකු ණය පොළිය සියයට 7 දක්වා අඩු කිරීමේ සුදානමක්

(UTV |කොළඹ) –  බැංකු ණය පොළිය සියයට 7 දක්වා අඩුකිරීමට රජය සුදානම් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා පවසයි.

 

ඒ මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් වූ පසුව බවත් පසුගිය දා කොළඹ දී ව්‍යාපාරිකයින් පිරිසක් අමතමින් අමාත්‍යවරයා පැවසීය.

“දැන් බැංකු පොළියත් අඩු කරලා තියෙනවා. පසුගිය කාලේ බිස්නස් කරලා අවුරුද්ද ඉවර වුණාම තමයි දන්නේ පාඩුයි කියලා. යහපාලන ආණ්ඩුව කාලයේ සියයට 28යි පොළී අනුපාතය . සියයට 25ට 20ට පොළියට අරන් ගොඩගිය රටක් මම දන්න ලෝකේ නැහැ. Double digit interest rate. බැංකුවට ගෙවපු ගාණ අවුරුද්ද අන්තිමට බලන හන්දා හොඳයි. ගිණුම බලන කොට තමයි තේරෙන්නේ, බිස්නස් එක ඉවරයි, බැංකුව තමයි පොහොසත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඉලක්කම් දෙකේ පොළියට බිස්නස් කරන්න බැහැ.“

“Single digit interest rate lending. තනි ඉලක්කමේ පොළිය දැන් තියෙන්නේ. අපේ අරමුණ තමයි ආර්ථිකය හැදුණ ගමන්, ඉදිරි කාලය තුළ දී සියයට 7 පොළියට ණය දෙන්න. ණය දෙන කොට තනි ඉලක්කමේ පොළියක් තමයි සිංගප්පූරුව, මැලේසියාව, එංගලන්තය, ඇමෙරිකාව, මේ සියලූම රටවල්වල තියෙන්නේ තනි ඉලක්කමේ පොළිය. ව්‍යාපාර බැංකු එක්ක කරලා ගොඩයන්න බැරි මේ පොළී අනුපාතය විශාල ලෙස ඉහළ යාම නිසා. ඒ නිසා දැන් පොළිය පහළට ගෙනල්ලා තියෙනවා.“යනුවෙන් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

Related posts

මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයන් 13,000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 135ක් යාපනයෙන් හමුවෙයි.

Editor O

තවත් නාවිකයින් 19 කට සුවයි

Mohamed Dilsad

Leave a Comment