දේශීය

නිව් ඩයමන්ඩ් නෞකාවේ යළි ගින්නක්

(UTV |අම්පාර) – පාලනයට ලක් කර තිබූ නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නැව් තට්ටුවේ දැඩි උණුසුම සහ මුහුදු ප්‍රදේශයේ පවතින සුළං ප්‍රවාහය හේතුවෙන් යළි ඇවිලී ඇති බව නාවික හමුදාව පවසයි.

පසුගිය 3 වැනිදා උදෑසන ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී එම්.ටී. නිව් ඩයමන් නෞකාව ගිනි ගත්තේය.

එම ගින්න මැඩපැවැත්වීමට පැය 80කට අධික කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව මෙහුයුමක් සිදු කළහ.

ඒ සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකායෙන් සහ නාවික හමුදාවෙන් සක්‍රිය දායකත්වයද හිමිවිය.

Related posts

වැදලා ඉල්ලනවා අපි මේක නවත්වමු – සෞඛ්‍ය ඇමතිනී

Mohamed Dilsad

සෞඛ්‍ය සේවකයින් අද සිට සංකේත වැඩවර්ජනයක

Mohamed Dilsad

දහතුන්වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ පොලිස් හා ඉඩම් බලතල ක්‍රියාත්මක කරන්නේ නැහැ – ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment