දේශීය

තද වැසි සමග ප්‍රදේශ කීපයකට තද සුළං

(UTV | කොළඹ) – අද (08) දිනයේදි බස්නාහිර , සබරගමුව , මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව පළාතෙත් , අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 50ක පමණ සුළං ඇතිවිය හැකි බවයි.

Related posts

රැකියා අහිමිවීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

අදත් මෙරටින් ආසාදිතයන් 501 දෙනෙක්

Mohamed Dilsad

පරීක්ෂා කිරීම් සිදුකරන පොලිස් නිලධාරීන්ට සිය බලපත්‍ර පෙන්වන ආකාරය [VIDEO]

Mohamed Dilsad

Leave a Comment