ගොසිප්

උපාධිධාරිනියන්ගේ ප‍්‍රසූත නිවාඩු කප්පාදුවට එරෙහිව උසාවි යයි

(UTV | කොළඹ) – අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගන්නා උපාධිධාරිනියන්ගේ ප‍්‍රසූත නිවාඩු කප්පාදු කර ඇති බවත්, සතියක් ඇතුළත එම ගැටලුව නොවිසඳුවොත් ඊට එරෙහිව අධිකරණමය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.

බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේදී ඊයේ (07) පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,

              “උපාධිධාරී පත්වීම් ලැබූ අයගෙ ලිපිවල තියනවා ප‍්‍රසූත නිවාඩු ලබා දෙන්නේ දරුවා බිහිවූ දා සිට සති හයක් බව. ආයතන සංග‍්‍රහයට අනුව ලංකාවේ ප‍්‍රසූත නිවාඩු දින 84ක් තියනවා. ඒ මදිනම් අර්ධ වැටුප් සහිතව තව දින 84ක් ගන්න පුළුවන්. තවත් අවශ්‍ය නම් වැටුප් රහිතව තවත් දින 84ක් නිවාඩු ගන්න පුළුවන්. ඒ නිසා නව උපාධිධාරීන්ට දමා තිබෙන කොන්දේසිය ආයතන සංග‍්‍රහය උල්ලංඝනය කිරීමක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් පිළිගෙන තියනවා මාස හතරක් ප‍්‍රසූත නිවාඩු දීම අවශ්‍ය බව. ඒ නිසා මේ කප්පාදුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. සදාචාර විරෝධී ක‍්‍රියාවක්. මානව විරෝධී ක‍්‍රියාවක්. සතියක් ඇතුළත රජය මේක විසඳුවේ නැත්නම් අපි උසාවි යනවා. රජය මෙහෙම ප‍්‍රසූත නිවාඩු කප්පාදු කරන විට පෞද්ගලික අංශය ‘හිටගෙන’මේ නිවාඩු කපයි. මෙහි සඳහන් වෙනවා සති හයක් ඇතුළත දරුවා මැරුණොත් මරණ සහතිකය හෝ වෛද්‍ය සහතිකය මත සති හයක නිවාඩුව දෙනවා කියලත්. සජීවී දරු උපතකටයි අජීවී දරු උපතකටයි රජය නිවාඩු දෙන්නේ එක ගාණකට. ජාතිය වඳ වෙනවා කියා කෑගැසූ පාර්ශ්ව මේ ගැන ස්ථාවරය හෙළි කළ යුතුයි. මොකද ප‍්‍රසූත නිවාඩු කප්පාදු කළාම දරුවෝ හදන්න ඉන්න අය ඒක අතහැරලා දාන්නත් ඉඩකඩ තියනවා.

ඒ වගේම අලුතින් රැකියාවලට බඳවා ගන්නා උපාධිධාරීන්ට සති තුනක හමුදා පුහුණුවක් දෙනවා. පත්වීම ගත් උපාධිධාරීන් මුලින්ම යන්න ඕනෙ හමුදා කඳවුරට. මේක කරන්නේ. රැකියාලාභීන්ගේ ‘කොඳු කඩලා’ ඔවුන් රජයේ අතකොළු බවට පත්කර ගන්නයි. මේක ආමි ට්‍රේනින් එකක්. ලිපිවල තියනවා කෙටි නිවාඩු අනුමත කරන්නේ නෑ කියලා. ඒ වගේම අත්‍යවශ්‍ය කාරණයකදී හැර නෑයන් හමුවෙන්න එපා කියලත් තියනවා. හමුදාවක් පුහුණු කරවන්නේ දෙන නියෝග ඒ විදියටම පිළිපදින්න. අනිත් රැකියාවලට ඒ පුහුණුව හරියන්නේ නෑ. අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි වෘත්තීය සමිතිවලින් අහනවා තමන්ගේ සාමාජිකයන්ට මෙහෙම පුහුණුවක් දෙනවාට එකඟද කියලා. “

Related posts

කොළඹ සුපිරි නිවාස සංකීර්ණයක දෙදෙනකුටත් කොරෝනා බව හෙළි වෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු නිලධාරීන්ට ගංජා බීමට පුරුදු කරන්න යන බවට චෝදනාවක්

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍යවරිය ලෝ පුරා ශ්‍රී ලාංකිකයින්ගෙන් ආධාර ඉල්ලයි [LETTER]

Mohamed Dilsad

Leave a Comment