දේශීය

මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දෙන්න – ජනපති

(UTV |කොළඹ) – මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබාදීමට අවශ්‍ය පියවර වහාම ගන්නැයි ජනාධිපතිවරයා  නිලධාරීන්ට උපදෙස්  ලබා දෙයි.

මෙම රජය ඉදිරි මහ කන්නයේදී මෙරට කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක් අපේක්ෂාවෙන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

මේ වසරේ ආනයනය කළ පොහොර සඳහා නිසි පරිදි ගෙවීම් කර ඇති බවත් වතුවලට හා ගොවියාට අවශ්‍ය පොහොර නියමිත ප්‍රමාණයට, කලට වේලාවට සහ ඉහළ ප්‍රමිතියකින් සපයා දිය යුතු බවත් ජනධිපතිවරයා අවධාරණය කර තිබේ.

පොහාර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

Related posts

කොළඹ නගරයේ සියළුම චීන ජාතිකයන්ට “සිනෝෆාම්” එන්නත ලබා දී අවසන්

Mohamed Dilsad

න්‍යෂ්ටික බලශක්තිය ගැන අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුන්දරම ක්‍රිකට් ක්‍රීඩාංගණයට

Mohamed Dilsad

Leave a Comment