දේශීය

මෙරටට පැමිණෙන විදෙස් නියෝජිතයින්ට අනිවාර්ය නිරෝධායන කාලයක්

(UTV | කොළඹ) – විවිධ ව්‍යාපෘති ඇතුළු කටයුතු සඳහා විදේශයන්හි සිට මෙරටට පැමිණෙන නියෝජිතයින් සති දෙකක අනිවාර්ය නිරෝධායනයකට ලක් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම , මෙරටට පැමිණීමට පෙර මෙන්ම පැමිණීමෙන් පසුව ද ඔවුන් PCR පරීක්ෂණ සඳහා ලක්වීම අනිවාර්ය වෙයි.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වීම වැදගත් බව මේ පිළිබඳව අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේය.

Related posts

සුළි කුණාටු තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ගම්බිම් බලා යාමට නොහැකිවූ පිරිසව පිටත් කර යැවීමට පියවර

Mohamed Dilsad

Leave a Comment