කලා

බොලිවුඩ් නළු සුෂාන්ත්ගේ පෙම්වතිය අත්අඩංගුවට

(UTV | ඉන්දියාව) – සියදිවි නසා ගත් බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ පෙම්වතිය වන බොලිවුඩ් නිළි රීයා චක්‍රබොර්තිය ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

34 හැවිරිදි සුෂාන්ත්ගේ සියදිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට අනුව සිදුකෙරෙන මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් දින තුනක ප්‍රශ්න කිරීම්වලින් පසු මෙලෙස රීයා චක්‍රබොර්තිව අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර මෙම නිළියගේ සහෝදරයා වන ෂොයික් චක්‍රබෝර්තිද මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය සිය පරීක්ෂණ ආරම්භ කළේ රියා චක්‍රබෝර්තී ගේ දුරකථනයෙන් ලබාගත් වට්ස්ඇප් සංවාද පදනම් කරගෙන බවයි.

Related posts

සනුකගේ නවතම ගීතය ‘චාඕ මල්ලි’

Mohamed Dilsad

ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂවරයෙකු වන සිඞ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

වරූන් ධාවන් සහ නටෂාගේ විවාහය මේ වසරේදී.

Mohamed Dilsad

Leave a Comment