දේශීය

ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසු ප්‍රමුඛතාව හිමිවන අය මෙන්න

(UTV | කොළඹ) –  කටුනායක හා මත්තල ගුවන් තොටුපළ ගුවන් මෙහෙයුම් යළි ආරම්භ කර සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු කණ්ඩායම් වශයෙන් පැමිණෙන සංචාරකයන්ට ප්‍රමුඛතාව ලබාදීමට රජය තීරණය කර ඇත.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ සංචාරක කණ්ඩායම් දිවයිනට ගෙන්වා ගැනීම සදහා ක්‍රමෝපායන් මේ වන විට සකස් කර ඇති බවයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකර සිටියේ ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති ඕමාර් අබ්දුල් රසාක් මහතා සහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ (09) පැවති සාකච්ඡාවකදීයි.

ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපතිවරයා මෙහි දී කියා සිටියේ මාලදිවයින් වැසියන් ලෝකයේ වැඩිපුරම සම්බන්ධකම් පවත්වන රට ශ්‍රී ලංකාව බවයි.

එරට සිටින බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින බව ද තානාපතිවරයා කියා සිටියේය.

කොවිඩ් 19 පාලනය සදහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන ගිය වැඩ පිළිවෙලට සිය ප්‍රසාදය පළ කළ මාලදිවයින් තානාපතිවරයා ලෝකයේ කොවිඩ් 19 පාලනය කළ රටවල් අතරින් ඉදිරියටම ඒමට ශ්‍රී ලංකාවට හැකි වුණේ ජනාධිපතිවරයා අනුගමනය කළ ක්‍රියාකලාපය හේතුවෙන් බවද එහිදී ප්‍රකාශ කළේය.

Related posts

රාවණා ඇල්ල අසළ වෑන් රථයක් පෙරළීමෙන් තිදෙනෙක් මරුට

Mohamed Dilsad

ජනපතිගෙන් ලෝක ගුරු දිනයට සුබ පැතුම් පණිවුඩයක්

Mohamed Dilsad

ලබන වසරේ මහ බැංකුවට නව බැංකු පනතක්

Mohamed Dilsad

Leave a Comment