දේශීය

දකුණු ආසියාවේ වායුගෝලීය ගුණාත්මක බාවයෙන් ඉහළම රට ලංකාව

(UTV | කොළඹ) – කීර්තිමත් අමෙරිකානු විශ්ව විද්‍යාල දෙකක් වන යේල් සහ කොළොම්බියා සරසවිවල පර්යේෂකයින් නිකුත් කරන ලද 2020 පාරිසරික කාර්යසාධන දර්ශකයට අනුව සියලු දකුණු ආසියානු රටවල් අභිභවා ඉහළම වායුගෝලීය ගුණාත්මකතාවක් සහිත රට බවට පත්වීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

වසර 22 ක් මුළුල්ලේ පර්යේෂණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරන මෙම පාරිසරික කාර්යසාධන දර්ශකය ගෝලීය පාරිසරික ප්‍රතිපත්ති විශ්ලේෂණයේ ප්‍රමුඛතම විද්‍යාත්මක ක්‍රමවේදය බවට පත්ව ඇත.

මෙම දර්ශකය මගින් පාරිසරික සෞඛ්‍ය හා ජෛව පද්ධති වැදගත්කම ආදී ගැටලු ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි රටවල් 180 ක් ශ්‍රේණිගත කෙරේ.

එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පාරිසරික කාර්යසාධනය අතින් ලොව 109 වැනි ස්ථානයේ පසුවන අතර, ශ්‍රේණිගත කිරීමට අදාළ ලකුණු 100න් 39ක් රැස් කරගෙන සිටී. සෙසු දකුණු ආසියාතික රටවල් හා සැසඳීමේදී එය ඉහළ තත්ත්වයකි.

මෙම දර්ශකය යටතේ ඒ ඒ රටවල වායුගෝලීය දූෂණය, මිනිස් සෞඛ්‍යයට බලපා ඇති ආකාරය මැන බලයි. එනම් PM2.5 සඳහා නිරාවරණය, ගෘහස්ථ ඉන්ධන සහ ඕසෝන් වියනට නිරාවරණය යනුවෙන් ඊට අදාළව දර්ශක තුනක් පිහිටුවා තිබේ.

2020 පාරිසරික කාර්යසාධන දර්ශකයේ වායුගෝලීය ගුණාත්මක භාවය අතින් ලොව 91 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ. එහිදී ඉකුත් වසර 10 පුරාවටම දකුණු ආසියානු කලාපයේ රටවල් අතර වායුගෝලීය ගුණාත්මක බව අතින් ධනාත්මක වර්ධනයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වීම කැපීපෙනේ.

 

Related posts

තෙල් ටැංකි 99ක් අපට වැඩියි. ටැංකි 61ක් යොදාගෙන, ඉන්දීය සමාගමක් සමග සාකච්ඡා කරලා තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සැලසුම් කරනවා.

Editor O

රිය අනතුරකින් හිමි නමක් අපවත් වෙති

Mohamed Dilsad

යුරෝපා පාර්ලිමේන්තුවේ තරුණ සම්මේලනයට කාවින්ද එක්වෙයි.

Editor O

Leave a Comment