ගොසිප්

බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන වල නිලධාරී හිඟයක්

(UTV | කොළඹ) – නිලධාරී හිඟය නිසා බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවල කටයුතු පවත්වාගෙන යාම අර්බුදකාරි තත්ත්වයක් මතුව තිබේ.

විශේෂයෙන් නුගේගොඩ, ගල්කිස්ස, කළුතර, පානදුර, ගම්පහ සහ මීගමුව යන ප්‍රදේශ වල වැඩි වශයෙන් මෙම තත්ත්වය දක්නට ලැබෙන බව වාර්තා වේ.

නවක පොලිස් නිලධාරීන්ද වසර කිහිපයකින් ඔවුන් පදිංචි ගම්බිම්වලට ස්ථාන මාරුවීම් ලබා ගන්නා බවට ද තොරතුරු අනාවරණ වී ඇත.

ඒ සඳහා දේශපාලනඥයින් සහ ඉහළ නිලධාරීන්ගේ සහයද ලබා දෙන බව වාර්තා වේ.

ඇතුම් නිලධාරීන් ඇමති ආරක්‍ෂක අංශය, පරිසර ඒකක සහ පොලිස් මූලස්ථානයට ස්ථාන මාරු වන බවටයි ආරංචි මාර්ග පැවසුවේ.

තවත් පිරිසක් වෛද්‍ය නිර්දේශ මත සැහැල්ලූ රාජකාරී අයදුම් කර ඇති බවටද වාර්තා වේ.

මේ නිසා බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවල විශාල වශයෙන් නිලධාරී හිඟයක් පවතී.

Related posts

කතුරු පහරක් කළ හදියක්

Mohamed Dilsad

වහාම Lockdown කරන්න – WHO ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි

Mohamed Dilsad

මැතිවරණ දිනය ගැන මහින්ද දේශප්‍රිය කියන කතාව

Mohamed Dilsad

Leave a Comment