ව්‍යාපාරික

ඇඟලුම් නිෂ්පාදනයට අලුතින් සේවකයින් 10,000 ක්

(UTV | කොළඹ) – දේශීය ඇඟලුම් නිෂ්පාදනය ඉදිරි වසර 05 තුළ දි වර්ධනය කිරීම සඳහා සාකච්ඡාවක් පේෂ කර්මාන්ත රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

ග්‍රාමීය මට්ටමින් බතික් නිෂ්පාදනයත්, දේශීය ඇඟලුම් නිෂ්පාදනයත්, දේශීය අත්යන්ත්‍ර රෙදි නිෂ්පාදනයත් යන අංශ තුනම ඉදිරි වසර 05 තුළ දි වර්ධනය කිරීම සඳහාත් දේශීය වශයෙන් ඉල්ලුමට අනුව සැපයුම වැඩි කිරීම සම්බන්ධයෙන් රෙදි ආනයනකරුවන්, නූල් ආනයනයකරුවන් හා ලංකාව තුළ දේශීය සන්නායමය යටතේ නිෂ්පාදනයන් සිදු කරන ව්‍යාවසායකයින් සමඟ මෙම සාකච්ඡාව පවත්වනු ලැබීය.

මෙහිදි, අදහස් දැක් වූ ඇමතිවරයා කියා සිටියේ ග්‍රාමීය වශයෙන් තමන්ගේම රෙදි පිළි නිර්මාණය කරගැනීම කටයුතු කිරිමටත්, අත්‍යන්ත රෙදි පිළි නිපදවීම සඳහා අලුතින් සේවකයින් 10,000 බඳවා ගැනීමටත්,මේ සදහා ගම්මාන 200 ක් ස්ථාපිත කිරීමටත්,මේ සදහා අවශ්‍ය උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කිරිමට නියමිත බවයි.

විශේෂයෙන් අත්‍යන්ත පේෂකර්ම කුඩා පාසල් නවීකරණය කිරිමටත්, ඉන් අධ්‍යාපකය ලබන සිසුන් ව්‍යාවාසයකයින් ලෙස දිරිගැන්වීමටත් බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

ඉදිරියේ දී මෙරටට නිමි ඇඳුම් ⁣ ගෙන්විම නවතා අපේ රටේ ම නිමි ඇදුම් නිෂ්පාදනය කිරිම සදහා මෙම සාකච්ඡාව සිදු කළ බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම මාධ්‍යවේදියෙකු නැඟු පැනයකට පිළිතුර දෙමින් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, 2021 පෙබරවාරි 04 වන දින සෑම නිවසකම ශ්‍රී ලංකාවේ නිපද වූ ජාතික කොඩියක් එසවීමට කටයුතු කරන බවත්, එසේම වෙසක් ⁣උත්සවය සදහා බෞද්ධ කොඩිය ද දේශිය අමු ද්‍රව්‍ය යොදා නිපදවීමට සැලසුම් කර ඇති බවය.

Related posts

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගැන ඇමති මංගලගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

මෙරට ලොකු ලූනු වගාව කඩා වැටීමේ අවධානමක්

Mohamed Dilsad

තේ වගාවට වියලි කාලගුණයෙන් දැඩි බලපෑම්

Mohamed Dilsad

Leave a Comment