ක්‍රීඩා

බංග්ලාදේශ කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුටත් කොරෝනා

(UTV |  බංග්ලාදේශය) – බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සායිෆ් හසන්ටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

එළඹෙන ශ‍්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් සූදානම් වන ක‍්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කර ඇති අතර එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

එමෙන්ම බංග්ලාදේශ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු වන නික් ලී හටද කොරෝනා වෛසරය ආසාදනය වී තිබේ.

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරග 3ක් පැවැත්විමට නියමිතයි.

ඊට සහභාගිවීම සදහා බංග්ලාදේශ කණ්ඩායම ලබන 27 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

Related posts

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේ නායකත්වය රංගන හේරත්ට

Mohamed Dilsad

ශහිඩ් අෆ්රිඩි යළිත් මව්රට බලා පිටත්ව යයි

Mohamed Dilsad

දිමුත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට

Mohamed Dilsad

Leave a Comment