(UTV | කොළඹ) – වසර 2030 වනවිට ජාතික විදුලිබල පද්ධතියේ පුනර්ජනනීය බලශක්ති දායකත්වය 80% ක් දක්වා නංවාලීමට ගතයුතු සියලු පියවර කඩිනමින් ගන්නා බව සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 2030 වනවිට පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ඉලක්ක කරා ලගාවීමට ගතයුතු පියවර සොයාබැලීමට පත්කළ දසපුද්ගල විද්වත් කමිටුව ඊයේ (10) රැස්වූ අවස්ථාවේදීයි.
මෙහිදී අදහස් දැක්වූ කමිටු සාමාජිකයින් පවසා සිටියේ පුනර්ජනනීය ප්‍රභවයන් නිරන්තරයෙන් ඒකාකාරී නොවන බැවින්, ඒ පිළිබදව විශේෂ අවධානයකින් යුතුව කටයුතු කළ යුතු බවයි.
එසේම ලංකාව තුළ පවත්නා පුනර්ජනනීය ප්‍රභවයන්, වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත්ද යන්න පිළිබදවත් විශේෂ අවධානයක් යොමුකළ යුතු බව ඔවුන් අමාත්‍යවරයා හමුවේ පැවසීය.