දේශීය

කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක් ජලය නැහැ

(UTV |කොළඹ) – කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද (12) අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව අද රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 10.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

මෙම කාලය තුළ කොළඹ 09, 10, 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

බෙදා හැරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් සහ අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

Related posts

රියැදුරු බලපත්‍රයට රජයේ රෝහල්වලින් වෛද්‍ය සහතිකය

Mohamed Dilsad

උගන්ඩාවේ හංගපු සල්ලි මෙරටට ගෙන්නේ කවදාද ? – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ප්‍රශ්නකරයි

Editor O

කොරෝනා මදුරුවන්ගෙන් බෝ වන බවට අසත්‍ය ප්‍රචාරයක්

Mohamed Dilsad

Leave a Comment