දේශීය

තරුණ සාම ජනමාධ්‍යවේදීන් උදෙසා MediaCorps ශිෂ්‍යත්ව වැඩසටහන

(UTV |කොළඹ) – ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍යවේදී සංසදය විසින් සංවිධානය කරන ලද MediaCorps ශිෂ්‍යත්ව වැඩසටහනේ තවත් කණ්ඩායමක් මෙම මස 11 වන දින කටුනායක රාමදා හෝටලයේ දී ආරම්භ විය.

රට පුරා විහිද සිටින විවිධ සංස්කෘතීන් නිරූපණය තරුණ ජනමාධ්‍යවේදීන් 25 දෙනෙකුගෙන් (සිංහල 12, දෙමළ 6, මුස්ලිම් 7) (කාන්තා 7, පිරිමි 18) එම කණ්ඩායම සැදුම්ලත්ය. මෙම වැඩසටහන සැප්තැම්බර් 11 වන දින 16 වැනිදා දක්වා පුරා දින පහක් පැවැත්වීමට නියමිතයි.

පස් දින පුහුණු ශිෂ්‍යත්ව වැඩසටහනට ප්‍රථමයෙන් මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ Webinar හතරකට සහභාගී වීමට තෝරාගත් ශිෂ්‍යත්වලාභීන්ට අවස්ථාව හිමි විය. විවිධත්වයට හා බහුත්ත්වවාදයට සංවේදී වීම, ගැටුම් සංවේදී වාර්තාකරණය, ස්ත්‍රී-පුරුෂ සමජභාවයට සංවේදී වාර්තාකරණය සහ ජනමාධ්‍යකරණය සඳහා සමාජ මාධ්‍ය භාවිත කිරීම යන තේමාවන්ට අදාළව මෙම Webinar මාලාවන් සංවිධානය කර තිබුණි.

සමාරම්භක උළෙල අවසානයේ සහභාගී වූ ශිෂ්‍යත්වලාභීන්ට හට MoJo උපකරණ කට්ටල ප්‍රධානය කිරීමට නියමිතයි.
මෙම පස් දින පුහුණු වැඩසටහන මූලිකවම (MoJo) ජංගම දුරකථන ඔස්සේ සිදු කරන කතන්දර නිර්මාණය අරමුණු කරගෙන පවත්වනු ලබයි. මීට අමතරව පිටපත් රචනය සහ ජනමාධ්‍යකරණ කටයුතු සඳහා දත්ත භාවිතය පිළිබඳව ද ශිෂ්‍යත්වලාභීන්ට දැනුම ලබා දීමට සූදානම් කර තිබේ. මීට අමතරව ප්‍රවීණ MoJo පුහුණුකරුවන්ගෙන් සමන්විත කණ්ඩායමක් ද ශිෂ්‍යත්වලාභීන්ට MoJo පුහුණුව ලබා දීමට නියමිතය.

පුහුණුවේ හතරවන දිනයේදී ශිෂ්‍යත්වලාභීන්ට තමන් හැදෑරු න්‍යායාත්මක දැනුම ප්‍රයෝගිකව භාවිත කිරීමට අවස්ථාව සලසා දෙමින් මීගමුව මෝරවල සහ දූව ධීවර ගම්මානය ආශ්‍රිතව ක්ෂේත්‍ර චාරිකාවක් ද සංවිධානය කර ඇත.
ප්‍රජාතාන්ත්‍රික ශ්‍රී ලංකාවක් සදහා මාධ්‍ය සවිබල ගැන්වීමේ වැඩසටහනේ තවත් අංගයක් ලෙස අන්තර්ජාතික පර්යේෂණ හා හුවමාරු මණ්ඩලය (IREX) සහ අන්තර්ජාතික සංවර්ධනය සදහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) සමඟ එක්ව ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍යවේදී සංසදය (SDJF) විසින් MediaCorps ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

වැඩි විස්තර සඳහා www.ldjf.org වෙබ් අඩවියට පිවිසෙන්න.

Related posts

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද

Mohamed Dilsad

LTTE අවි ගබඩාවක් කිලිනොච්චියෙන් සොයා ගනී

Mohamed Dilsad

රජයේ ගබඩාවලින් වී අතුරුදන්වූ අයුරු සෙවූ වාර්තාව ඇමති අතට

Mohamed Dilsad

Leave a Comment